By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදුලිබල මණ්ඩල සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන අවසන් තීරණය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විදුලිබල මණ්ඩල සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන අවසන් තීරණය
දේශීය

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන අවසන් තීරණය

Last updated: December 9, 2024 3:16 pm
2 Min Read
Share

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණද, වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට එලෙස ප්‍රසාද දීමනාවක් ඉල්ලා සිටියද, එම ප්‍රසාද දීමනාව ලබා නොදීමට විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට මේවන විටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය අවසන් තීරණයක් ගෙන ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ඉපයුවද ඉන් රුපියල් බිලියන 112ක්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ආපසු ගෙවීම් ලෙස වැයකර තිබේ.

එමෙන්ම 2024 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරි වූ රුපියල් බිලියන 41ක මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කරයි.

එබැවින් පවත්නා තත්ත්වය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදිය නොහැකි බවට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා තහවුරු කළේය.

TAGGED:Ceylon Electricity Board
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?