සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පවතින බවය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.