නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩු පීඩන කලාපය මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව අද (25) පෙරවරුවේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය අද උදෑසන 2.30 පමණ වනවිට මඩකලපුවට කී.මී. 500ක් පමන දුරින් ගිණිකොන දෙසින් පිහිටි ඇත.
මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පැවතිය හැකිය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
උතුර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක.
උතුරු, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී.35-45 පමණ තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.