By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අගමැති හරිනි ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවීමට දින දෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අගමැති හරිනි ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවීමට දින දෙයි
දේශපාලනදේශීය

අගමැති හරිනි ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවීමට දින දෙයි

Last updated: November 22, 2024 4:30 pm
2 Min Read
Share

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි 30 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළේය.

ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනු වී තිබුණි.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද (22) කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවැත්වෙන බවත් එම නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් පවසා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ අදහස් විමසිය යුතු බවයි.

ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම ජනවාරි මස 30 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට මෙම නඩු කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ ජාතික ජනතා බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

වගකිවයුත්තන් ලෙස එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මෙන්ම නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද නම් කර ඇත.

2023 වසරේ දෙසැම්බර් මස 04 වන දා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවති අවස්ථාවේ දී කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්වත්ත මංසන්ධියේ තමන් රැස්ව සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සම්කරුවන් පැවසීය.

එම අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රැස් ව සිටි පිරිසට එරෙහිව ජල ප්‍රහාර එල්ල කර සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් චෝදනා කළ අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

TAGGED:harini amarasuriya
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?