By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නගර සභා සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අල්ලයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > නගර සභා සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අල්ලයි
අපරාධදේශීය

නගර සභා සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙක් අල්ලයි

Last updated: November 19, 2024 12:38 pm
2 Min Read
Share

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී 46 හැවිරිදි අනුර කොස්තා නමැති පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර තිබුණා.

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, පතොරම් 6ක් සහ සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය කැබලිවලට කැඩී තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය ඊයේ (18) හෝමාගම පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගේ ගමන් මල්ල තුළ තිබී ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය සහ පතොරම් හයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඒ අනුව සැකකරු හෙළිකළ තොරතුරුවලට අනුව ඝාතනය සඳහා සැකකරු සමඟ යතුරුපැදියකින් පැමිණි අනෙක් පුද්ගලයා අතුගිරිය මොරටුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී යතුරුපැදිය කොටස් කිහිපයකට ගලවා පාදුක්ක ප්‍රදේශයේ ගුවන් හමුදා නිලධාරීන්ගේ කුලී නිවසක සඟවා තිබූ බව පොලිසියට පෙනී ගියේය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවි නමැත්තාට අසංක නමැත්ත සහ අසන්ත කුමාර් නොහොත් ලතා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් ගුවන් හමුදා සෙබළා 27 හැවිරිදි හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු 30 හැවිරිදි අතුරුගිරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?