මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපි ද්‍රව්‍ය අද (13) දිනය පුරා නිකුත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවයි.
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා දිවයිනේ සමස්ත මැතිවරණ කොට්ඨාසය තුළම පිහිටා ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව ය.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නියෝජිතයින් 6000ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර හෙට (14) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.