අධික වර්ෂාව හේතුවෙන් මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
ජලාශයේ වාන් දොරටු දෙකක් මීටරය බැගින් විවෘත කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
එක් වාන් දොරටුවකින් තත්පරයකට ජලය ඝන මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහරින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් පවසයි.