ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (9) දඹුල්ලේදී පැවැත්වේ.
රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි. 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන 10 වැනි විස්සයි20 තරගාවලිය මෙයයි.
ඉන් තරගාවලි 5ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත්ව ඇති අතර අවසන් වරට පැවැති තරගාවලි 4දීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත්ව ඇත.
ශ්‍රී ලංකාව මෙතෙක් එක් තරගාවලියක් පමණක් ජයගැනීමට සමත්ව ඇති අතර තරගාවලි තුනක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන 24 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි.
මෙතෙක් පැවැති තරගවලින් ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන ඇති අතර නවසීලන්තය තරග 13ක් ජයගෙන තිබේ.
ඒ හැර තරග 2ක් සම වී ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 9 වන විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා.
වැඩි ගෞරවයක් හිමි නවසීලන්තය තරග 4ක් ජයගෙන සිටින අතර ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිවී ඇත්තේ තරග 2ක් පමණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ වසර 5කට පසුවයි.
පසුගිය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.