2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලය අදින් (08) අවසන් වේ.
නොවැම්බර් 30, නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට ඊයේ සහ අද විශේෂ දින දෙකක් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කර නොමැති ඡන්ද දායකයින්ට අද දිනයේදීත් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.