කෑගල්ල, කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති නමුත් ඒ වන විට නිවසේ තිබී ඇත්තේ රුපියල් දස දහසක් සහ හිමිකරු පැළඳ සිටි රන් මුදුව පමණක් බව පොලිසිය පවසයි.
කෑගල්ල, කෙම්පිටිය වලව්වේ හිමිකරු පසුගිය ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රියේ ගැට ගසා ගෙල සිරකර ඝාතනය කර තිබිණි.
ඔහුගේ බිරිඳ පොලිසිය විසින් ගැට ගසා සිටියදී සොයා ගන්නා ලදී.
ඒ අනුව දැඩිගම සහ වරකාපොල ප්‍රදේශවල සිදුවූ මෙවැනිම මංකොල්ලකෑම් දෙකකට සම්බන්ධ පුද්ගලයෙකු මෙම ඝාතනය සඳහා ද පැමිණ ඇති බවට විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා අබේසේකරට තොරතුරු ලැබී තිබෙනවා.
සැකකරුවන් පිළියන්දල තුන්බෝවිල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවටද තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි සිටි කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
අදාළ කාන්තාවගේ ඉල්ලීම මත මොවුන් මෙම වලව්ව කොල්ලකෑමට ගිය බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
සැකකාරිය සිය සහෝදරයාට අයත් මෝටර් රථයකින් කුලී පදනම මත කැඳවාගත් රියදුරෙකු සමග සිද්ධිය වූ දින කොල්ලකරුවන් තිදෙනෙකු රැගෙන කෑගල්ලේ පිහිටි අවමගුල් උත්සවයකට යෑම සඳහා බව පවසමින් ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරු කෙම්පිටිය වලව්වේ සිට මීටර් 500ක් පමණ දුරින් මෝටර් රථය නවතා කොල්ලකරුවන් තිදෙනා අදාළ නිවසට යවා ඇත.
ඒ අනුව අදාළ වලව්වට ගිය කොල්ලකරුවන් තිදෙනා නිවසට ගොස් එහි හිමිකරු ඝාතනය කර මුළු නිවසම ඇද දමා මුදල් සොයා ඇති බව පොලීසිය පැවසීය.
අනතුරුව එහි තිබී රුපියල් 10,000ක මුදල් සොයගෙන පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අතෙහි වූ රන් මුදුව ගලවාගෙන ගොස් තිබේ.
පසුව අදාළ රන් මුදුව රුපියල් 160,000ක මුදලකට සැකකාර කාන්තාව මඟින් රන් භාණ්ඩ අලෙවි සැලකට අලෙවිකර තිබුණි..
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 25 හැවිරිදි පුද්ගලයා සමඟ 53 හැවිරිදි කාන්තාව සමීප සබඳතාවක් පවත්වා ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවද පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව ප්‍රසිද්ධ ආයතනයක ප්රමුඛ ස්ථානයක සේවය කරන මුදල් වංචා කරන්නියකගේ බිරිඳක් බවද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ඇති වූ මූල්‍ය ගැටලු හේතුවෙන් ඇයගේ මූලිකත්වයෙන් මෙම කොල්ලය සිදුකළ බවයි.
සැකකරුවන් ඊයේ (05) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.