ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර තිබේ.
මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණ අනාවැකිවලට අනුව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල ආසන 267ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වන උප ජනාධිපති කමලා හැරිස්ට හිමිව ඇත්තේ ආසන 224ක් පමණි.
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ඇමරිකානු ජනාධිපති ධුරය තමන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළේය.
ඒ ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් පක්ෂ මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමින්.
හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ ඇමරිකානු ජනතාව තමන්ට පෙර නොවූ විරූ ජනවරමක් ලබාදී ඇති බවයි.
ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක ප්‍රාන්ත අතරින් Georgia, North Carolina සහ Pennsylvania යන ප්‍රාන්තවල හිටපු ජනාධිපති ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පෙන්වා දෙයි.
එමෙන්ම සෙනෙට් සභාවේ බලය යළි ලබා ගැනීමටද රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ඊයේ (05) සවස සිට අද උදෑසන දක්වා පැවැත්විණි.
මිලියන 186.5 ක ලියාපදිංචි ඇමරිකානු ඡන්දදායකයින් අතරින් මිලියන 81 කට වැඩි පිරිසක් පූර්ව ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණ දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ඊයේ ඡන්දය ප්‍රකාශ නොකළ අය සඳහා විවෘත විය.
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ Florida වේ West Palm Beach හි පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළේය.
එමෙන්ම ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂක J. D. Vance ද ඊයේ Ohio ප්‍රාන්තයේ සින්සිනාටි හිදී ඡන්දය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ඩිමොක්රටික් වත්මන් උප ජනාධිපති කමලා හැරිස් මැතිවරණ දිනයට පෙර තැපෑලෙන් ඡන්ද පත්‍රිකා භාවිතා කළ අතර ඇයගේ සහකරු වන ටිම් වොලස් ද Minnesota දී පූර්ව ඡන්ද භාවිත ක්‍රමවේදය යටතේ ඡන්දය ලබාදී තිබුණි.
ඇමෙරිකානු මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්නේ ජාතික මට්ටමින් නොව ප්‍රාන්ත මට්ටමින්.
එය ප්‍රාන්ත 50ට අදාළව Electoral Colleges නම් ක්‍රමයක් යටතේය.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින නමුත් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ ඡන්ද යන්ත්‍රවල දෝෂ ඇතුළු විවිධ කරුණු මුල් කර ගනිමින්.
2020 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු පරාජය කරමින් ජනාධිපති ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.
මේ අතර අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තේරීමට අමතරව ඉදිරි වසර දෙක සඳහා අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා සභිකයින් තෝරා ගැනීම ද ඊයේ පැවැත්වුණා.
ඊට අමතරව සෙනෙට් මණ්ඩලයේ ආසන 33 ක් සඳහා ව්‍යවස්ථාදායකයන් තෝරා ගැනීමද මෙම මැතිවරණ දිනයේ සිදු කෙරුණා.
ප්‍රාන්ත 11 ක ආණ්ඩුකාරවරුන් සහ Puerto Rico සහ American Samoa යන ස්වයං පාලන කලාප දෙකෙහි ආණ්ඩුකාරවරුන් ද මෙහි තේරී පත් වනු ඇත.