මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
උතුර සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වෛද්‍ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවයි.