නවසීලන්ත ක්රිකට් කණ්ඩායම අද (05) දිවයිනට පැමිණ තිබේ.
ඒ, විස්සයි20 තරග දෙකකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියට සහභාගි වීම සඳහායි.
තරගාවලිය ලබන සෙනසුරාදා (09) ආරම්භ වීමට නියමිත අතර, එය ලබන 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලිය දඹුල්ල සහ මහනුවර ක්රීඩාංගණවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.