ත්රිකුණාමලය පෞද්ගලික රෝහලකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ රෝහලේ තුන්වන මහලේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.
අද (05) පෙරවරුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ විදේශිකයෙකු වන අතර ඇය පදිංචිව සිටියේ ඇයගේ සැමියාට අයත් රෝහලේ 03 වන මහලේ කාමරයකයි.
මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇයගේ සැමියාගේ සොහොයුරා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු 55 හැවිරිදි වියේ පසුවන අතර අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.