ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මියද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුවේ සාක්ෂි විමසීම ජනවාරි මස 09 වැනිදාට නියම කළේය.
ඉන් අනතුරුව නඩු භාණ්ඩ සුරක්ෂිතව සේප්පුවක තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
එමෙන්ම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළා.