පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.
ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ දිනය නිවැරදිව නියම කර ඇත්තේ මැතිවරණ පනතට අනුව බවත් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. මේ වන විට මැතිවරණ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇත.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදී.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර තිබේ.