ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.
අනතුරට ලක්වූ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයේ සිටි දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ආසන්න වශයෙන් 41 දෙනෙකු පමණ පිරිසක් සිට තිබෙන බව බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.