වාරියපොළ – වාගොල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ වාගොල්ල බණ්ඩාරකොස්වත්ත ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.
මියගිය අය සහ සැකකරු රජයේ ඉඩමක නිවාස 02ක පදිංචිව සිට ඇති අතර, ඔවුන්ගේ නිවෙස්වලට යන අතරමගදී කඩා වැටුණු ගසක අතු ඉවත් කිරීමේදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව විමර්ශනයේදී අනාවරණය විය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහත ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.
වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.