කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති කඩකරමින් ත්‍රීරෝද රථ ධාවන කටයුතුවල නිරත වූ පිරිසක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල පොලිසියට ලද තොරතුරකට අනුව අද (28) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී ත්‍රීරෝද රථ 09ක් සහ රියදුරන් 09ක් අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මෝදර, කෙරවපිටිය සහ මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන්.
දීර්ඝ කලක සිට මෙම පිරිස මධ්‍යම රාත්‍රියේ දී කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝල ප්‍රදේශයේ මෙම රේස් පැදීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙම තරඟය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට, පදිකයින්ට සහ ප්‍රදේශවාසීන්ට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරන් රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් මත්පැන් පානය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.