රී ලංකා කණ්ඩායම පරදවා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත් තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප් රනාන්දු සහ පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
18 වැනි ඕවරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය නැවත ආරම්භ කිරීම පැය කිහිපයක් ප්‍රමාද විය.
ඒ අනුව නැවතත් තරගය ආරම්භ වූයේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා වෙමිනි.
නැවතත් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 156ක් ලබා ගැනීමට සමත් විය.
පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළේය.
ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව නියමිත පන්දුවාර 23දී බටහිර ඉන්දීය කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හමුවිය.
බටහිර ඉන්දීය කණ්ඩායම පන්දුවාර 22කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක ඉලක්කය හඹායෑමට සමත්විය.
ඔවුන් වෙනුවෙන් Evin Lewis නොදැවී ලකුණු 102ක් සහ Sharfan Rutherford නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.