ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී ඇත.
එය ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය වේගවත් කිරීමට අවස්ථාවක් නිර්මාණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.