බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36කදී ලකුණු 189ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02කදී කඩුලු 5ක් දැවී ලකුණු 190ක් රැස් කළා.
තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
අද පස්වරුවේ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළා.
ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
දෙරට අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 26 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.