මීගමුව මහාධිකරණය විදේශිකයන් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
2016 වසරේ හෙරොයින් කිලෝග්රෑම් 146ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම විදේශිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙන්නේ ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට සහ පාකිස්ථාන ජාතිකයෙකුටයි.