ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇත.
අගෝස්තු මාසයේදී එය 1.1%ක් ලෙස සටහන් විය.
ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍ය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ 2.3% සිට 2024 සැප්තැම්බර් මාසයේදී 0.5% දක්වා අඩු වී ඇත.
එසේම, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍ය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ 0.2% සිට 2024 සැප්තැම්බර් මාසයේදී -0.7% දක්වා අඩු වී ඇත.