අද (21) අළුයම කුඩුවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්රාවක ඇති වූ ගින්නකින් ධීවර යාත්රා තුනකට හානි සිදුව තිබේ.
“තුෂානි” බහුදින ධීවර යාත්රාවේ ගින්නක් හටගෙන ඇති අතර ගින්නෙන් යාත්රාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්න හේතුවෙන් එම යාත්රාව ආසන්නයේ නවතා තිබූ තවත් බහුදින ධීවර යාත්රාවකට සහ කුඩා යාත්රාවකට හානි සිදුව තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.