සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය..
පල්ලෙකැලේ පිටියේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 38කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
පැය දෙකකට අධික කාලයක් ඇද හැලුණු වර්ෂාව නිසා තරගයේ ඕවර සංඛ්‍යාව අඩු කර පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය.
මෙහිදී ශ්‍රී ලංකාවට ඕවර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය තරගයේ 32 වැනි (31.5) ඕවරයේදී කඩුලු 5ක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක (77) සහ සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක (69) අර්ධ ශතක ලබා ගත්හ.
ඔවුන් දෙදෙනා ලකුණු 45කට කඩුලු 3ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 182ක් දක්වා ඉදිරියට රැගෙන යාමට කටයුතු කළහ.
එහිදී 5වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109කින් ලකුණු 137ක් රැස්කිරීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තේය.