කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්රවාහනය කරමින් තිබූ දුම්රියක් වන අලි රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (18) අලුයම 3.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්රදේශයකයි.
දුම්රියේ ඉන්ධන ටැංකි හතරක ගැටී ඉන් දෙකක් පෙරළී ගිය බව සඳහන්.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ අනතුරින් වන අලියෙකු මිය ගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඉන්ධන තෙල් නැව් පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවයි.
මේ වන විට මඩකලපුව – කොළඹ ප්රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සහ මඩකලපුවේ සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


































