විපක්ෂයේ සිටියත් ආණ්ඩු පක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට පළපුරුදු පුද්ගලයින් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදී ඔහු කියා සිටියේ මේ වසරේ සිලින්ඩරය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ජනතාවට රටේ ආර්ථිකය කඩා වැටුණු වසර දෙකක කාලයක් තමන් සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව සහ අත්දැකීම් ඇති බවයි.
රටේ ආර්ථික ඉලක්ක ජයගැනීමට පළපුරුදු පුද්ගලයන් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ඒ වගේම මේ අවුරුද්දේ රටේ ආර්ථීක අර්බුදය හමුවේ පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ පිරිස වගේම එක්සත් ජාතික පක්ෂයේ ඔහුගේම කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කළ පිරිසත් සිලින්ඩරය ලකුණින් තරග කරනවා.
එම කණ්ඩායමට නායකත්වය ලබාදෙන බව ඔහු හෙළි කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සිලින්ඩර ලකුණින් තරග කරන පළපුරුදු කණ්ඩායම මේ වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු පිරිසක් බවයි.
එතුමාට ඡන්දය නොදුන් ජනතාවට කියනවා පළපුරුදු පිරිසකට පාර්ලිමේන්තුවට යන්න ඡන්දය දෙන්න කියලා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණය ගෙවීම ආරම්භ කළ යුත්තේ 2028 වසරේ බවත් වසර 2027 වනවිට අපේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර එය දැනට 12%ක් වන බැවින් එය සෑම වසරකම සියයට එකකින් වැඩි කළ යුතු බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම මේ වසර අවසන් වන විට 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ළඟා කර ගැනීමට හැකියාව පවතින බවත්, ඉදිරියේදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 12ත් 14ත් අතර විය යුතු බවත් ඔහු පැවසීය.
මෙම කාලසීමාව තුළ එම ඉලක්ක සපුරාගෙන කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කඩිනම් සංවර්ධනයක් ඇති කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.