සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.
මෙම තරගය ඊයේ (13) රාත්‍රියේ දඹුල්ලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය ඕවර 19.1කදී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.
බටහිර ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලුවිස්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගු වේය.
බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය.
ලුවිස් ලකුණු 50ක් ද රැස් කළ අතර පන්දු 28කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී තරමක් දුරට සාර්ථක වූ මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් බටහිට ඉන්දීය කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධානා කල අතර නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් පමණක් රැස් කර ගනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකි විය.
මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.
තරගයේ වීරයා සම්මානය බ්‍රෙන්ඩන් කිංග්ට හිමිවිය
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරඟය හෙට (15) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා.