ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාන්තා T20 ලෝක කුසලාන තරගය අද (09) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
පළමු තරග දෙකේදීම පරාජයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර, ලෝක කුසලාන පළමු ජයග්‍රහණය සොයන පසුබිමක් සමඟින් මෙම තරගයට පිවිසෙති.
ඒ අනුව මීළඟ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ සහ නවසීලන්තයට එරෙහි තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වේ. එසේ නොවුණහොත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමට සිදුවනු ඇත.
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය ප්‍රතිනිර්මාණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අද රාත්‍රී 7.30ට පිටියට පිවිසීමට නියමිතයි.