බිත්තරයක සිල්ලර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගියදා රුපියල් 30 දක්වා පහළ ගිය බිත්තරයක මිල යළිත් රුපියල් 40කට වඩා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවයි.
“තොග වෙළෙන්දෝ බිත්තර විශාල ප්‍රමාණයක් ගෙනැවිත් පැටවූවා.ඒකෙන් පාරිභෝගිකයන්ට ලොකු සහනයක් ලැබුණා.මේ වනවිට අතිරික්ත නිෂ්පාදන වෙළෙඳ පොළෙන් ඉවත්වෙලා.දැනට දෛනික බිත්තර වෙළෙඳපොළට එනවා.නමුත් විශාල මිලක් තිබෙනවා. උච්චාවචනය එය කෘතිමව සිදු වේද යන්න අපට ප්‍රශ්නයක්.