By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
අපරාධදේශීය

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි

Last updated: February 14, 2025 10:06 am
2 Min Read
Share

මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
  
මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2025.02.07 වනදා වෙඩිතබා වයස අවුරුදු 35ක ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

මෙම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (13) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 33 යන වයස්වල පසුවන යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙම සැකකරුවන් තිදෙනා වෙඩිතැබීමට පැමිණි සැකකරුවන්ට ඝාතනය සිදු කිරීමෙන් පසු පලා යෑමට ආධාර අනුබල දීම, නවාතැන් පහසුකම් ලබාදීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකාදමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

තවද එක් සැකකරුවෙකුට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවටද අනාවරණය වී තිබේ.  

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර මෝදර පොලිස් වසමේ පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 420ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට බාරදී තිබේ.

ඊයේ (13) අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන හැදල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෙම සැකකරු 2024.10.16 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු බවට සැකකෙරෙයි.

සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු ලෙස සිටිමින් අපරාධ ක්‍රියාවල නිරත වන අයෙකු බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. 

සිද්ධිය පිළිබඳ මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?