By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
විදේශීය

අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට

Last updated: January 10, 2025 3:30 pm
2 Min Read
Share

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ වනවිට ලොස් ඇන්ජලීස් අවට ළැව් ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරඇත.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ළැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බව සඳහන් වේ.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවනු ඇති බවයි.

මෙම ළැව් ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව නියත වශයෙන්ම තවත් ඉහළ යනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ඊයේ (9) දිනයේ ලොස් ඇන්ජලීස් සහ වෙන්චුරා ප්‍රාන්තවල මායිමේ ඇති වූ නවතම ගින්න දැල්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා වාර්තා කරයි.

පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබේ.

අතහැර දැමූ නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පැනවීමටත් සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට මෙම ළැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන්ය.

ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව ඇති අතර ඔවුන් පරාජිත සටනක නිරත බියකින් පසුවන බවත් වාර්තා වේ.

TAGGED:Wild Fire
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?