By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ක්‍රීඩා

ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්

Last updated: January 10, 2025 9:49 am
1 Min Read
Share

ඉදිරියේදී ඇරඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව ලොව පුරා එල්ලවන විරෝධතාවන්ට සහාය පළකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව මූලික වටයේදී එකම කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

එම තරගය පෙබරවාරි 21වනදා කරච්චි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා සිය තීරණයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ තම යෝජනාව සම්බන්ධයෙන් අනෙකුත් රටවල ක්‍රිකට් ආයතන සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟවනු ඇති බවයි.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය සමගින් දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරනවාද…නැතිද ? යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීම තමන් සතු වගකීමක් නොවන බව හෙතෙම පවසයි.

ඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය ඇත්තේ තමන්ට නම්, තමන් නිසැකවම ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන බවයි.

2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් පාලනය සතුවීමත් සමග එරට තුළ කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙසින් උල්ලංඝනය වෙමින් තිබේ.

TAGGED:Cricket
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?