By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රෙල්ඛයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රෙල්ඛයක්
දේශපාලනදේශීය

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රෙල්ඛයක්

Last updated: January 6, 2025 3:46 pm
2 Min Read
Share

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කර ගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව අවධානයට ලක්ව ඇති බවය.

එම ක්‍රියාව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත් එහි සඳහන් ව තිබේ.

ඒ අනුව සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවත් එහි සඳහන්ව ඇත.

මෙම ක්‍රියාපටිපාටිය ආණ්ඩුකාරවරු සහ පළාත් අමාත්‍යවරු විසින් අනුගමනය කළ යුතු වනු ඇති බවත් එහි සඳහන් ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු හෝ පළාත් අමාත්‍යවරු මුණ ගැසීම සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ඔවුන් හෝ එම දූත මණ්ඩල කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෘජුව වෙන් කරන වේලා වෙන්කර ගැනීම් සඳහා ඉල්ලීම් විදේශ කටයුතු විභය භාර අමාත්‍යංශයේ සන්ධාන අංශයට යොමු කළ යුතු වනු ඇ.ත. 

එමෙන්ම මෙරට සංචාරයේ නිරත දූත මණ්ඩලය හෝ කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය හෝ අමාත්‍යවරු මුණ ගැසීමේදී එවැනි හමුවීම් සිදුකළ යුතු සුදුසු මට්ටම් සම්බන්ධයෙන් විදේශ කටයුතු විශය භාර අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත යුතු වනු ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇතුළු ව තානාපති කාර්යාලවල සහ මෙරට සංචාරයේ නිරත විදෙස් දූත මණ්ඩලවල පහළ මට්ටමේ තනතුරු හොබවන නිලධාරීන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය මුණ ගැසීම සඳහා පහසුකම් සැලසීම් සිදු නොකළ යුතු බවත් එම චක්‍රලේඛය මගින් දන්වා තිබේ.  

තවද අමාත්‍යාංශ, ආයතන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ සබඳතා මෙන්ම විදෙස් රටවල් සම්බන්ධ කාරණා සම්බන්ධව කිසිදු ආකාරයක මාධ්‍ය ප්‍රකාශයක් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත නිෂ්කාශනයක් නොමැතිව නිකුත් නොකළ යුතු බවත් දන්වා තිබේ.

Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?