By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
අපරාධවිදේශීය

නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්

Last updated: January 3, 2025 9:54 am
4 Min Read
Share

අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්. 

ඉන් එක් සිද්ධියක් නිව් ඕලියන්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, තවත් සිද්ධි දෙකක් නිව්යෝර්ක් සහ ලාස් වේගාස් නුවරින් වාර්තා විය.

මෙම සිද්ධීන්වලින් 16 දෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 53ක්. 

2025 නව වසර මහත් හරසරින් පිළිගැනීම සඳහා අමෙරිකානුවන් විවිධ ප්‍රදේශවලදී උත්සව සංවිධානය කර තිබුණි. 

ඒ අනුව නිව් ඕලියන්ස්හි ප්‍රකට සංචාරක කලාපය ද ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය.

කෙසේ වෙතත් කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් කැබ් රථයක් වේගයෙන් ඉදිරියට ධාවනය වන්නේ පුද්ගලයින් රැසක් යටකර දමමින්ය. 

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 35කට අධිකය. 

අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු පසුව ජනතාව සහ පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර ද එල්ල කර තිබේ.

නමුත් පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කැබ් රියේ රියදුරු මරණයට පත්විය.

සිද්ධිය ඇසින් දුටුවන්

“මුළු වීථිය පුරාම හැමතැනම මළ සිරුරු. මිනිස්සු කෑ ගහනවා. අඬනවා. සමහර අය කෘතිම ශ්වසනය දෙනවා. මිනිස්සු පාරේ අඬනවා”‘.

සිද්ධිය පිළිබඳ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යංශය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු  ටෙක්සාස්හි උපන් 42 හැවිරිදි සම්සුද් ඩීන් ජබ්බාර් නම් අමෙරිකානු ජාතිකයෙකු බවයි.

වසර 13ක් අමෙරිකානු හමුදාවේ සේවය කළ ඔහු ඇෆ්ගනිස්තානයේ රාජකාරිවලට ද අනියුක්තව සිට ති‍බේ.

මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මීට මාස කිහිපයකට පෙර සිට  ඉස්ලාමීය අන්තවාදයට නැඹුරු වී ඇති බවට ඔහුගේ සමාජ මාධ්‍ය  සටහන්වලින් අනාවරණ වී තිබුණත්, ඒ ගැන කිසිවකුගේවත් අවධානය යොමුව නැහැ. 

අනතුර සිදුකිරීමට යොදාගත් කැබ් රථය ඔහු ටෙක්සාස් ප්‍රාන්තයෙන් කුලියට ගෙන ඇත්තේ ‘ටියුරෝ’ නම් යෙදවුමක් හරහාය.

විමර්ශකයින් එම කැබ් රථයේ තිබී පුපුරන ද්‍රව්‍ය සහ IS ධජයක් ද සොයාගෙන තිබේ.

එමෙන්ම අනතුර සිදුවූ ප්‍රදේශයේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපාංග දෙකක් සොයාගැනීමටත් විමර්ශකයින් සමත්ව ඇත.

ඒ අනුව මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා කටයුතු කරන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විශ්වාස කරන්නේ මෙය සංවිධානාත්මක ප්‍රහාරයක් බවටය.

ඒ අනුව මීට සම්බන්ධ තවත් පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්

“ඝාතකයා ටෙක්සාස්හි උපන් අමෙරිකානු ජාතිකයෙක් බව FBI ආයතනය වාර්තා කළා. එමෙන්ම අනතුර සිදුකිරීමට පැය කිහිපයකට පෙර ඔහු ISIS සංවිධානයේ මත දරන අයෙක් බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කර ඇති බවත් FBI ආයතනය වාර්තා කරනවා”.

මේ අතර නිව් ඔලියන්ස් සිද්ධියෙන් උණුසුම පහව යාමටත් මත්තෙන් ඉලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ නිෂ්පාදිත සයිබර් ට්‍රක් රථයක් ලාස් වේගාස්හි පුපුරා ගියේය.

ඒ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය ඉදිරිපිටදීය.

එහිදී සයිබර් ට්‍රක් රථයේ රියදුරු මියගොස් තවත් පුද්ගලයින් හත්දෙනකු තුවාල ලැබීය.

මෙම පුපුරායාම ත්‍රස්ත ක්‍රියාවක් දැයි තවමත් අනාවරණ වී නොමැත.

කෙසේ නමුත් පුපුරාගිය ට්‍රක් රථය තුළ තිබී ගිනිකෙළි ද්‍රව්‍ය සහ ගිනි නිවන උපකරණයක් සොයාගෙන තිබේ.

මෙම රථය කුලියට ගෙන තිබුණේ ද නිව් ඕලියන්ස් අනතුර සිදුකිරීමට යොදාගත් කැබ් රථය කුලියට ගත් ‘ටියුරෝ’ යෙදවුම හරහාම වීම විශේෂත්වයක්ය.

නමුත් මෙම වාහන කුලියට ගත් පුද්ගලයින්ගේ අපරාධ පසුබිම පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බවත් විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහාය දක්වන බව ‘ටියුරෝ’ සමාගම පවසා තිබේ.

එමෙන්ම තේරීපත්වූ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට පිපිරීම වීමත් එම රථය ට්‍රම්ප්ගේ ප්‍රධාන සහයෝගීකරු වන මස්ක්ගේ ටෙස්ලා සමාගමට අයත් වීමත් විශේෂත්වයක්.

ඒ අනුව මෙම පිපිරීම සහ ට්‍රම්ප් සහ මස්ක් අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මෙවන් පසුබිමක නිව්යෝර්ක් නුවර ක්වීන්ස්හි රාත්‍රී සමාජ ශාලාවක දී සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

ඒ 2025 නව වසරේ පළමු දිනයේදී ම අමෙරිකාව අපරාධ ජාලයක ගිල්වමින්ය.

TAGGED:USA
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?