By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පැණි බීම වෙනුවට පිරිසිදුකාරක පෙවූ පිටකොටුවේ ආපන ශාලාව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පැණි බීම වෙනුවට පිරිසිදුකාරක පෙවූ පිටකොටුවේ ආපන ශාලාව
දේශීය

පැණි බීම වෙනුවට පිරිසිදුකාරක පෙවූ පිටකොටුවේ ආපන ශාලාව

Last updated: January 3, 2025 2:59 pm
2 Min Read
Share

පිටකොටුව, පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.

ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.

රෝගාතුර වූ තරුණිය ඇගේ මව සමග ඉකුත් 31 වැනිදා අදාළ ආපන ශාලාව වෙත ගොස් තිබෙනවා.

එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක්ද් ඇණවුම් කළ බව පැවසෙනවා.

අනතුරුව එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

පසුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

සිද්ධිය පිළිබඳව ඇගේ ඥාතීන්ගේ පැමිණිල්ලක් මතයි වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවක්.

මේ හේතුවෙන් පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකිව සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බව ඔවුන් පවසා තිබෙනවා.

අදාළ ආපන ශාලාවේ තිබී තවත් එකී පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

TAGGED:Health
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?