By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි
දේශීය

කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි

Last updated: January 2, 2025 11:44 am
2 Min Read
Share

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා, විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් වුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත්කළේය.

එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විඳින දරුවන්ගේ ජිවීත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමණක් නොවීමට අවස්ථාව සලසන්නේ, ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කිරීමෙනි.

මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කරනු ලැබීය.

TAGGED:Health
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?