By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තැන තැන සිදුවූ ඝාතන
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > තැන තැන සිදුවූ ඝාතන
අපරාධදේශීය

තැන තැන සිදුවූ ඝාතන

Last updated: December 31, 2024 10:51 am
1 Min Read
Share

දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (30) එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පොලුවලින් සහ ගල්වලින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි.

මරණකරු ඔහුගේ දියණිය, පියා සහ බාල සහෝදරයා සමඟ ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

පියා සහ සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලකදී ඔවුන් දෙදෙනා විසින් පොලුවලින් සහ ගල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

මෙම අපරාධයට සම්බන්ධ අවුරුදු 46ක් සහ 18ක් වන පියාව සහ පුතාව අත්අඩංගුවට ගෙන ඇති අතර පූඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර මදුරන්කුලිය පොලිස් වසමේ කඩයාමට්ට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කඩයාමට්ට, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ පුතා ඇතුළු පිරිසක් සමඟ ඇති කරගත් ආරවුලකදී සහෝදරියගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 38ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?