By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
දේශීය

විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

Last updated: December 26, 2024 10:36 am
1 Min Read
Share

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය  1,966,256ක් වේ.

දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 161,383න් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන්ගෙන්  වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,131කි.

රුසියාවෙන් සංචාරකයින් 22,637ක් , බ්‍රිතාන්‍යයෙන් 12,822ක්, ජර්මනියෙන් 9,998ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 8,646ක් දෙසැම්බර් මාසය තුළ දිවයිනට පැමිණ තිබේ.

මේ වසරේ ගතවු කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 399,224ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර රුසියාවෙන් සංචාරකයින් 189,289ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 172,404ක්ද, ජර්මනියෙන් 131,379ක් ද චීනයෙන් 120,268ද ප්‍රංශයෙන් 86,440ක්ද මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

මේ අතර වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 21 ආසන්න පිරිසක් දිවයිනට පැමිණෙනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

TAGGED:Tourism
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?