By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
දේශීය

සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

Last updated: December 26, 2024 9:19 am
3 Min Read
Share

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි.

ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය. 

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු  9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

මේ අතර, 2004 වර්ෂයේ දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයත් සමග සුනාමි අනතුරු ඇඟවිම් හඳුනා ගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 14ක සුනාමි කුලුනු 77ක් ස්ථාපිත කරනු ලැබීය.

කෙසේවෙතත් එම  සුනාමි කුලුනු 77න් මේ වනවිට සක්‍රීයව පවතින්නේ 5කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ.

සුනාමි කුලුනු සවිකිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදී ඇත්තේ අමෙරිකානු සමාගමක් විසින් වන අතර කුලුනු ඉදිකිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී ඒවා අලුත් වැඩියාකිරීමට පියවර ගත්තද අදාළ ආයතනය විසින් නිෂ්පාදන මේ වනවිට අත්හිටුවීම හේතුවෙන් අක්‍රීය වී ඇති කුලුනු අළුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් යුද හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් එම කුලුන භාරව කටයුතු කරනු ලැබු අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් ඒවා අධික්ෂණය කරනු ලැබීය.

මින් පෙර සුනාමි ආපදා තත්ත්වයකදී ඒ බව ජාත්‍යන්තර මට්ටමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබුණු පසු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ඒ බව දැනුම්දීමෙන් අනතුරුව මෙම කුලුනු ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදුකළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම සුනාමි කුලුනුවල තාක්ෂණික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් හරහා නිර්දේශ ලබා ගනිමින් ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව සැලසුම් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක තෝරාගත් පුද්ගලයින් 70,000කට ආසන්න පිරිසකගේ දුරකථනයට සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳව සංඥා ලබාදීම පිළිබඳ සංඥා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, විදුලි සංදේශන කොමිෂන් සභාව සහ මෙරට සන්නිවේදනය සපයන දුරකථන ජාලා සමග එක්වි සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම කෙටි පණිවුඩයක් හරහා ජනතාව දැනුම්වත් කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්ය.

ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, වර්තමානයේ පවතින තාක්ෂණය හේතුවෙන් සුනාමි අනතුරකට මුහුණදීම සඳහා ලංකාව හොඳ සුදානමකින් පසුවන බවය.  

කෙසේ වෙතත් ඒ සඳහා පෙරහුරු පැවැත්වීම ඉතා වැදගත් බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

TAGGED:Tsunami
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?