By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රාජ්‍ය නිලධාරීන් හදිසියේ මාරු කිරීමක් ගැන සජබයෙන් අනාවරණයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > රාජ්‍ය නිලධාරීන් හදිසියේ මාරු කිරීමක් ගැන සජබයෙන් අනාවරණයක්
දේශීය

රාජ්‍ය නිලධාරීන් හදිසියේ මාරු කිරීමක් ගැන සජබයෙන් අනාවරණයක්

Last updated: December 26, 2024 3:25 pm
2 Min Read
Share

රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ, පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන්ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් ට ද මෙය බලපා ඇති බවට වාර්තා වන බවය. 

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගත බව එම නිවේදනයේ සඳහන් ය.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් හේතුවෙන් පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනීකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබෙන බව එම පක්ෂය පවසයි.

මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙන්නුම් කරන බව එහි සඳහන් ය.

මේ පිළිබඳව සිය අවධානය යොමු කර ඇති බවත් එවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද කටයුතු කළ බවත් සමගි ජන බලවේගය පවසයි. 

ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසේ.

රාජ්‍ය සේවයේ මරුවීම් සිදුවිය යුත්තක් වන නමුත් එය සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුකූලව සිදුවන්නේ නම් එය පිළිබඳව කටයුතු කිරීම විපක්ෂයේ වගකීමක් බවත් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදුකරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුවට සහ පළාත් බලධාරීන්ට අවධාරණය කරන බවත් සමගි ජන බලවේගය කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?