By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්
දේශීය

උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

Last updated: December 23, 2024 3:44 pm
1 Min Read
Share

උත්සව සමය නිමිත්තෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසයි.

ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස්රථ 50ක් ධාවනයට එක් කර ඇති බවය.

එමෙන්ම අවශ්‍ය වුවහොත් අතිරේක බස්රථ යෙදීම සඳහා සියලුම ඩිපෝ කළමනාකාරවරුන් දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.

තවද අධිවේගී මාර්ගයේ ධාවන වන බස්රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත් නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

මේ අතර උත්සව සමය හේතුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ධාවනයට එක් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා පැවසුවේ 27 වැනි දින රාත්‍රී බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇති බවය.

තවද දෙසැම්බර් 28 වැනි දින උදෑසන බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ 29 වැනි දින රාත්‍රියේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියකුත් යෙදවීමට කටයුතු කර ඇති බවය. 

මීට අමතරව යාපනයේ දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් මෙන්ම යාල් දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි එක් කර ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවය.

TAGGED:Public Transport
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?