By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව හෙළිවෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව හෙළිවෙයි
දේශීය

හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව හෙළිවෙයි

Last updated: December 23, 2024 4:44 pm
2 Min Read
Share

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත් පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කළේය.

එහිදී හෙළිවී ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියාවිරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාව අසුනෙන් ඉවතට විසිවී ඇති බවයි.

හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිසිය භාරයේ ඇති අනතුරට පත් එම බස් රථය ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කර තිබුණි.

තවද රියදුරුගේ ආරක්ෂිත බඳපටිය නොමැති බවත්, බස් රථය තුළ සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබිම නිසා එම අනතුර හේතුවෙන් මගීන්ට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා විය.

ඉන් තිදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලැබීය.

එසේම බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතළවිමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලීසියට පැවසීය.

මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලීසියේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද හැටන් පොලීසිය පැවසිය.

TAGGED:bus accident
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?