By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ
ආර්ථිකදේශීය

සහල් ආනයනයට දුන් අවසරය දීර්ඝ කෙරේ

Last updated: December 20, 2024 12:50 pm
2 Min Read
Share

සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතය.

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලසිමාව අවශ්‍යතාව මත දීර්ඝ කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ද ඊයේ (19) ප්‍රකාශ කළේය.

ඒ අනුව සහල් ආනයනය දීර්ඝකීරීම සඳහා වූ ගැසට් නිවේදනය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්ය.

රජය විසින් සහල් අනායනයට ලබාදි තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වේ.

යම් හෙයකින් සහල් ආනයනයට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදු නොකළහොත් අද මධ්‍යම රාත්‍රි 12න් පසු මෙරටට ආනයනය කරනු ලබන සහල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා පැවසීය.

රජය විසින් පසුගිය 4වනදා සිට සහල් ආනයනයට අවසර ලබාදිමෙන් පසු ඊයේ පස්වරුව වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් ආනයනය කර තිබුණි.

එම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයන් නාඩු සහල් බවත්, තවත් මෙට්‍රික් ටොන් 16,000ක් කැකුළු සහල් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරන ලද සහල් මෙට්ට්‍රික් ටොන් 52,000ක තොගයක් වරායට පැමිණීමට නියමිතව තිබේ.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සතොස වෙත ඇනවුම් කරන ලද සහල් මේට්‍රික් ටොන් 10,400ක ප්‍රමාණයක් මේ වනවිටත් වෙළෙඳපොළට මුදාහැර ඇති බව අද දෙරණ කළ විමසීමකදී එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

TAGGED:Rice Import
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?