By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ChatGPT දැන් WhatsApp වෙතින්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ලෝක දැනුම > ChatGPT දැන් WhatsApp වෙතින්.
ලෝක දැනුම

ChatGPT දැන් WhatsApp වෙතින්.

Last updated: December 20, 2024 3:50 pm
3 Min Read
Share

OpenAI හි අලුත් ම අත්හදා බැලීම.

ChatGPT සේවාව WhatsApp ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාව මේ වනවිට OpenAI සමාගම විසින් ලබාදී තිබේ. මෙය නවතම පෙරලිකාර පියවරක් ලෙස හඳුනාගත හැකිය. මෙම සේවාව නිකුත් කරනු ලැබුවේ දෙසැම්බර් 18 වනදා සිටයි.

මෙම සේවාව Whatspp ඔස්සේ සංවාද ස්වරූපයෙන් පමණක් ක්‍රියාත්මක වේ. ඒ මේ සඳහා ඡායාරූප හෝ වීඩියෝ වෙනුවෙන් WhatsApp ඔස්සේ ප්‍රතිචාර දැක්වීමක් සිදු කරන්නේ නැත.

මේ වන විට OpenAI සමාගම විසින් ඔවුන්ගේ ChatGPT සේවාව WhatsApp හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙන්නේ,

https://api.whatsapp.com/send/?phone=%2B18002428478&text&type=phone_number&app_absent=0

මෙම link එක භාවිතා කරමින් හෝ +18002428478 අංකයට WhatsApp හරහා පණිවිඩයක් යැවීම තුළිනි. මෙම අංකයට පණිවිඩයක් තබා එහි ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ගැන අත්දැකීම ලබා ගත හැක

ChatGPT බහුභාෂා වන අතර, ලොව පුරා සිටින පරිශීලකයින් සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.


OpenAI හි උසස් භාෂා ආකෘතිය, ChatGPT, දැන් WhatsApp තුළින් ලබා දීම මත ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන්, සහ නිර්මාණාත්මක අදහස් ලබා දීමෙන් පරිශීලක අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමට කටයුතු කරයි. මේ සියල්ල බාධාවකින් තොරව, ස්වභාවික සංවාද හරහා වන අත්දැකීමකි.

ශ්‍රී ලංකාව තුළ Social media data packages පමණක් භාවිතා කරන අයටත් නොමිලයේම ChatGPT සේවාව භාවිතා කිරීමට හැකියාව ලැබීම විශේෂ අවස්ථාවක් වේ.

WhatsApp සමඟ ChatGPT සම්බන්ධ කරන්නේ කෙසේද? සම්පූර්ණ මාර්ගෝපදේශයක් https://www.jagranjosh.com/general-knowledge/how-to-integrate-chatgpt-with-whatsapp-1680072733-1


මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන සේවාවක් වන අතර, ලොව පුරා සිටින ඕනෑම පරිශීලකයෙකු හට මෙය භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට OpenAI සමාගම කටයුතු කර තිබේ.

මෙම එළිදැක්වීම OpenAI සමාගමේ 12 Days of OpenAI event එකෙහි කොටසක් ලෙස සිදු කර තිබෙන අතර, මේ අලුත් WhatsApp bot එක බලගැන්වෙන්නේ OpenAI සමාගමේ නවතම cost effective OpenAI o1-mini model එක මගින් වන බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

WhatsApp සේවාව මේ වන විට ලොව පුරා බිලියන 2.5ක පමණ පරිශීලකයින් පිරිසක් භාවිතා කරනු ලබන අතර, මීළඟ වසර වන විට එය බිලියන 3 අභිබවා යනු ඇති බව අනුමාන කර ඇත.

OpenAI – WhatsApp integration එක හරහා බිලියන 2.5ක් වන WhatsApp පරිශීලකයින් හට නැවත register වීමකින් (account creation එකකින්) තොරව, ඉතාමත් පහසුවෙන් ChatGPT සේවාව භාවිතා කිරීමේ හැකියාව ඇත.

WhatsApp හි ChatGPT සමඟින්, කෙනෙක් තාක්ෂණික ගැටලුවක් සම්බන්ධයෙන් උදවු සොයන්නේ නම්, නිශ්චිත මාතෘකාවක් පිළිබඳ උපදෙස් අවශ්‍ය වුවද, හෝ විනෝදයට මෙන් කතාබස් කිරීමට අවශ්‍ය වුවද, ChatGPT වෙත පණිවිඩයක් එවීම ප්‍රමාණවත් වේ.

ක්ෂණික ප්‍රතිචාර දැක්වීමත් , පුළුල් දැනුම පරාසයත් මෙහි ඉතා සුවිශේෂී වේ. එනම්, සාමාන්‍ය දැනුමේ සිට වැදගත් මාතෘකා දක්වා, පුළුල් පරාසයක විමසීම් හැසිරවීමට AI සන්නද්ධ වේ.

TAGGED:Technology
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?