By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අධිවේගයේ ඛේදවාචකය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > අධිවේගයේ ඛේදවාචකය
දේශීය

අධිවේගයේ ඛේදවාචකය

Last updated: December 18, 2024 11:23 am
1 Min Read
Share

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවය.

එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබේ.

මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය කර ගත නොහැකිව බව පොලීසිය පවසයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා,

 “ශ්‍රී ලංකාවේ දැනට පවතින අධිවේගී මාර්ගයේවල මේ දක්වා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හානී 16ක් වගේම, බරපතළ තුවාල සිදුවීම් 05ක් වාර්තා වෙනවා. මෙම අනතුරුවලට පදනම් වූ කරුණු මොනවද කියලා විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එතනදි ප්‍රධාන කරුණු දෙකක් තමයි මේකට හේතු වෙන්නේ එකක් තමයි අපරික්ෂාකරී සහ නොසැලකිලිමත් රිය ධාවනය, දෙවන කාරණය තමයි රියදුරාට තියෙන අධික තෙහෙට්ටුව. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසිය විදිහට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගි මාර්ගයේ රිය ධාවනය කරන කොට මාර්ග නීතිඋල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්න එපා. මොකද අධිවේගී මාර්ගයේදී ඔබ ගමන්ගන්නා වේගය සාමාන්‍ය මාර්ගයේ ගමන්ගන්නා වේගයට වඩා ඉහළයි. එම නිසා ඒ අවස්ථාවේදී අනතුරක් සිදුවුණත් බොහෝවිට ඔබගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා රිය ධාවනය කරනකොට තෙහෙට්ටුවෙන් නම් කිසිම වෙලාවක රිය ධාවනය කරන්න එපා.”

TAGGED:Expressway
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?