By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිලක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිලක්
ආර්ථිකදේශීය

භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිලක්

Last updated: December 17, 2024 10:15 am
2 Min Read
Share

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය විසින් මේ වන වට ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

වෙළෙඳපොළේ භාණ්ඩවල මිල සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්ව ඇත්තේ සහල් සහ පොල් මිල ඉහළ යාමත් සමගයි.

වෙළෙඳපොළේ මතුව ඇති සහල් අර්බුධයට විසදුමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරිමට රජය තීරණය කළේ එවන් පසුබිමකයි.

ඒ අනුව, රට තුළ මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස රජය සහල් ආනයනය කිරීමට ලබාදුන් අවසරය මත මේ වන විට සහල් මෙටි්‍රක් ටොන් 4,800ක් ආනයනය කර ඇති බව රේගුව ප්‍රකාශ කළා.

රජය නිකුත් කළ සහල් ආනයනය කිරීමේ ගැසට් නිවේදනයට අනුව සහල් ආනයනයට අවසර හිමිවන්නේ තවත් දින 3ක් පමණයි.

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදෙමින් රජය විසින් පසුගිය 4 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මේ අතර, රජය විසින් ආනයනය කරන මෙටි්‍රක් ටොන් 5,200ක පළමු සහල් තොගය ඊයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබුණා.

වෙළෙඳපොළේ සහල් සහ පොල් මිල සම්බන්ධයෙන් අර්බුධයක් පවතින පසුබිමක බිත්තර මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

මීට පෙර වර්ෂවලදී උත්සව සමය වන විට බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ලබනවා.

එහෙත් අද වන විට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර මිලකට අලෙවි විම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අද වන විට නිෂ්පාදන අතිරික්තයක් පවතින බැවින් බිත්තර අපනයනය කිරීම සිදු කළ යුතු බව සමස්ථ ලංකා බිත්තර වෙලද සංගමය පවසනවා.

එසේ නොවුනහොත් යළිත් වෙලදපොළේ බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ සදහන් කළේ.

TAGGED:Price of Essential Goods
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?