By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදාව ලබන සතියේ සිට ඉවතට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදාව ලබන සතියේ සිට ඉවතට
දේශපාලනදේශීය

හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදාව ලබන සතියේ සිට ඉවතට

Last updated: December 17, 2024 4:49 pm
3 Min Read
Share

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය.

මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුණු අනාවරණය කරනු ලැබීය. 

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවය.

“අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදවලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයින් වශයෙන් යොදවලා තියෙනවා. 

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 22ක් ආරක්ෂාව සඳහා සපයා දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ පොලීසියේ 60ක් යොදවලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව සඳහා පවතිනවා.”

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය මාස එකොළහමාර තුළ රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක වියදමක් දරා ඇති ආකාරය සම්බන්ධව ද කරුණු අනාවරණය කළේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මාස එකොළහමාර තුළ විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 112යි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 03යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.

ඒ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1,448ක් මේ මාස එකොළහමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැයබර සඳහා රජය වැය කරලා තියෙනවා. මේක ඉතාම අසීරු තත්ත්වයක්.”

TAGGED:President
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?