ලක්ෂ 18ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ජාඇල පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (09) සවස් කාලයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 32 වයස්වල පසුවන කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.